Build Your Telegram Python Bot ( Sinhala Tutorial )


  • Web Development

    පලවෙනියටම ස්තූතිවන්ත වෙන්න ඕනි Sayumi Amarasinghe අක්කට මේ වගේම Telegram Bot කෙනෙක් JSON වලින් හදන හැටි කියලා දුන්නට 🙂

    අද මම කියලා දෙන්න යන්නේ ඒ වගේම Telegram Bot කෙනෙක් Python වලින් හදන හැටි 🙃
    අපි පිලිවෙලට මුල ඉදන් වැඩේ කරමු. හොදේ 🙂

    1. මුලින්ම මේ වැඩේට ඉතිං ඔයා Telegram ඇප් එක ඩවුන්ලෝඩ් කරන් ඉන්නෝනි. ඒක මෙන්න මේ ලිංක් එකෙන් කරගන්න පුලුවනි.

    2. Account එකක් හදන වැඩේ නම් මම කියලා දෙන්නේ නෑ.ඒක ඉතිං ඔයා තනියම කරගන්න.තනියම කරගන්නත් එකක් තියෙන්න එපැයි 😜

    3. දැන් ඔයාට උඩින්ම පේන්න තියෙනවා නේද Search Bar එකක්.ඔව් ඔව් ඒක තමයි. අන්න එතන @BotFather ටයිප් කරන්න.

    0_1564143238721_5742435f-3950-40a4-8d7f-87c4e575c51d-image.png

    1. දැන් Start කියන එක Click කරන්න.

    විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මේක Python හා සම්බන්ධ වැඩක් නිසා මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් Telegram Desktop ඇප් එක use කරනවා ඇති කියලා. මොකද ඒ හා සම්බන්ධ පිංතූරයි මම දාන්නේ. කොහොමත් Android App එකේ කියලත් වෙනසක් නැහැ. Desktop නොවුනත් මේ පිලිවෙලටම කරන්න.

    0_1564143741746_624b62e9-2434-4ac2-8959-6eeac7b25952-image.png

    1. ඊටපස්සේ /newbot කියන command එක දීලා අලුතෙන් ඔයාගෙම බොටෙක් හදාගන්න ඕනි. එකේදි මුලින්ම ඔයා ඔයාගේ Bot ට නමක් දෙන්න.

    0_1564143969099_c584c825-a362-4d72-bf0f-8a9c586916d7-image.png

    1. දැන් අපේ බොටාට username එකක් දෙන්න ඕනි. එකේදි අවසානෙට bot කියන කොටස එකතු කරන්න. උදාහරණයක් විදිහට ඔයාට ඕනි නම් ඔයාගේ නම දාලා bot කෙනෙක් හදන්න ඒ හදන බොටාට nimsarabot හෝ nimsara_bot වගේ username එකක් දෙන්න පුලුවනි.

    0_1564144193580_ad59e6b5-957f-46d8-b449-1577cebf6a65-image.png

    1. හරි ඔන්න දැන් ඔයාට එයාලගෙන් message එකක් එයි ඔයාගෙ බොටාගේ API Token එකත් එක්කම.මේක තමා අපිට වැදගත්ම කොටස.ඒක කාටවත් දෙන්නවත් නැති කරගන්නවත් එපා හොදේ.
      ආහ් අනිත් එක.මේ token එක try කරන්නත් එපා.මොකද මම ඒක revoke කරලා තියෙන්නේ. 😛

    0_1564144374777_64888b39-51fa-4575-a665-86e6ca1b3c00-image.png

    1. දැන් අපි coding වැඩ ටික පටන් ගමූ.මේකට ඕනා Python. අලුත් version එක තියෙනවනම් තවත් හොදයි. කොහොමත් ඒක install කරගන්න එක ඔයාගේ වැඩක්. ඒක Google කරලා හොයලා බලන්න. දැන් ඔයා cmd එක open කරගන්න. cmd කිව්වේ මොකක්ද කියලා නම් අහන්න එපා 😛

      දැන් cmd එකේ මෙන්න මෙහෙම ටයිප් කරලා enter ඔබන්න. 👇

                                       pip3 install python-telegram-bot
    

    Install වීම Success නම් වඩේ ගොඩ 🙂 නැත්තම් පහලින් කමෙන්ට් එකක් දාන්න.

    1. මම සම්පූර්ණ code එකම පහලින් දාන්නම්. ඒක python අලුත් file එහෙකට copy කරගන්න. ඒ code එකේ imoprt කරපු libraries ගැන වගේම තව දේවල් ගැන එකින් එක විස්තර කරගන්න ඕනිනම් මේ ලිංක් එකෙන් බලන්න.
    from telegram.ext import Updater, InlineQueryHandler, CommandHandler
    import requests
    import re
    
    def get_url():
        contents = requests.get('https://random.dog/woof.json').json()    
        url = contents['url']
        return url
    
    def bop(bot, update):
        url = get_url()
        chat_id = update.message.chat_id
        bot.send_photo(chat_id=chat_id, photo=url)
    
    def main():
        updater = Updater('YOUR_TOKEN')
        dp = updater.dispatcher
        dp.add_handler(CommandHandler('bop',bop))
        updater.start_polling()
        updater.idle()
    
    if __name__ == '__main__':
        main()
    
    1. ඔන්න ඕකේ තියේ නේද YOUR_TOKEN කියලා කොටසක්.අන්න එතනට ඔයාගේ අර හදාගත්තු බොටාගේ TOKEN එක දාන්න.

    11.හරි දැන් වැඩේ හරි වගේ තමා.දැන් python file එක run කරන්න. මතක් කරලා save කරන්න. නැත්තම් run කරන්න බෑ. 😁

    1. ඕක run වෙලා තියෙද්දිම අර ඔයාට ආපු මැසේජ් එකේ මේ ලිංක් එක ක්ලික් කරලා බොටාව start කරන්න.

    0_1564145447476_335e4054-2ee1-4ddc-8815-6c40d726cfa6-image.png

    1. start කලාට මදි , දැන් එයාට /bop කියලා ටයිප් කරලා මැසේජ් එකක් යවන්න.

    0_1564145598971_68f34649-b6e9-4667-a165-127bb6aeb75e-image.png

    1. දැන් ඔයාට මෙන්න මේ වගේ අගනා බව්වෙක්ගේ ෆොටෝ එකක් එයි. ඔය command එක යවන යවන සැරේට එක එක බව්වන්ගේ ෆොටෝ ගන්න පුලුවන් 😛

    0_1564145709404_b87fd920-2157-41f3-9c7e-8c5140a44157-image.png

    එහෙනම් වැඩේ ඉවරයි. ඔයත් මේ වගේ කෙනෙක් හැදුවනම් පහලින් එයාගේ username එක දාන්න. මගේ බව්වෝ බලන්න මේ ලිංක් එකෙන් යන්න 🙂

    ඔයත් ටෙලිග්‍රෑම් ඉන්නෝ නම් අපේ Channel එකත් එක්ක මේ ලිංක් එකෙන් එකතු වෙන්න 😊

    ඒනම් සුභ දවසක්. මොකක්ම හරි ප්‍රශ්නයක් උනොත් comment එකක් දාන්න. වැඩේ හොද නම් Quote එක Up කරන්න 😉



  • Fatta bro. Niyameta liyala thiyenawa.



  • Good work ☺👍🏻Keep it up!!



  • ftta bro,, keep it up


  • Ethical Hacking & Pen-Testing

    Uhhh.... Sounds good. If you post in English, You article will get more reach. Because not everyone knows sinhala much. (Including me) 🙂


  • Web Development

    good one thank you bro


  • Web Development

    @root Thanks ah 🙂


  • Web Development

    @sayumihasanjali thanks akkiya ara post ekatath 🙂


  • Web Development

    @dev_lak thanku 😛



  • @b6 ok someone will translate this to english


  • Web Development

    @b6 I do not manage English fluently as Sinhala but I will try to write in english for your request 🙂


  • Web Development

    @Malith thanks 🙂



  • Good job
    Thanks brother..



  • Thank u mchn