Travel කරන අයට Google Local Guides



  • වර්තමානයේ අපිට කොහේ හරි තැනක විස්තර දැනගන්න අවශ්‍ය උනාම අපි කරන්නේ google maps හරහා ඒ ස්ථානය අපි හොයලා බලන එක.ඉතින් මෙතනදී අපිට ඒ අදාල ස්ථානයේ සියලුම විස්තර ලබාගන්නත් පුලුවන් වෙනවා. සියලුම විස්තර කියන්නෙ ඒ අදාල ස්ථානයේ website එක , telephone number එක, open hours වගේ දේවල්.ඉතින් මේවා කොහොමද google map එකේ update වෙන්නෙ කියන ප්‍රශ්නය කාට හරි එනවා නම් ඒකට උත්තරේ තමයි google local guides.

    Google local guides කියන්නෙත් crowdsource වගේම google සමාගම විසින් එයාලගේ maps platform එක වැඩිදියුණු කරන්න නිර්මාණය කරපු වැඩසටහනක්. ඉතින් මේකෙත් කරන්න තියෙනේ අපි යන යන තැන් වල තොරතුරු google map එකේ update කරන එක.

    කොහොමද මේක කරන්නේ?
    ඉස්සර වෙලාම අපි google maps app එක open කරගන්න ඕනේ.

    ඊටපස්සේ වම් පැත්තේ තියෙන menu bar එකේ තියෙන “Your contributions” කියන option එකට යන්න ඕනේ.

    ඉතින් මේතනදි අපිට බලාගන්න පුලුවන් දේවල් කීපයක් තියෙනවා,

            අපේ local guides level එක
            අපේ contributions ගාන
            අපි එක එක තැන් ගැන කරලා තියෙන reviews වගේ දේවල් කීපයක් අපිට මෙතනදි බලාගන්න පුලුවන් වෙනවා.
    

    ඒ වගේම තමා අපිට google maps වල add වෙලා නැති ස්ථානත් add කරන්න පුලුවන් “add a missing place” කියන option එක හරහා.

    ඇයි local guides භාවිතා කළයුත්තේ සහ ඉන් අපිට ලැබෙන වාසි
    ඇත්තටම මේක google crowdsource වගේම volunteer program එකක්. ඉතින් මේකෙන් අපිට අමතර වාසි නම් මුකුත් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් crowdsource වල සිංහල භාෂාව උඩට ගන්න අපි contribute කරනවා වගේම තමා maps වලත් අපි අපේ ලංකාවේ තැන් local guides වලට contribute කරලා මේ cyber world එකේ ලංකාව කැපී පේන රටක් බවට පත් කරන්න ඕනේ!

    එහෙනම් හැමෝටම Happy Contributing!



  • Thanks for the Intel brother



  • Elama bro



  • thanks brother



  • @Kalana @dev_lak Thank you brothers!



  • @isuru2014 Thank you bro!