How to persist the JWT refresh token in httpOnly coockie?


  • Web Development

    මගේ ප්‍රොජෙක්ට් එකේ frontend එක laravel+vuejs, Rest API එක nodeJs. මේ අතර authentication JWT වලින් තමා වෙන්නේ. මන් මේ JWT ගැන හොයල බැලුවම හැමොම කියල කියල තියෙනවා JWT token එක කවදාවත් frontend එකෙ store කරන්න එපා (localStorage/sessionStorage/IndexDB/coockie), simple XSS attack එකකින් පවා read කරන්න පුලුවන් කියල. හැම තැනම තියෙන්නේ රිස්ක් එක අඩුම ක්‍රමේ තමා JWT token එක memory එකේ තියාගෙන refresh token එක httpOnly coockie එකක තියාගන්න කියලා. මේ විදිහට login එකක් ලියලා token එක අරන් memory එකට දාලා home page එකට යැව්වුම httpOnly coockie එක header එකෙන් මැකෙනවා page එක refresh වෙන නිසා. කොහොමත් page refresh වෙද්දි memory එකේ තිබ්බ JWT token එකත් මැකෙන නිසා home page එකට යැව්වම මුකුත් නෑ user ගාව authenticate කරන්න. මෙන්න මේ URL එක refresh වෙද්දි httpOnly coockie එක මැකෙන එකට මොකක් හරි කරන්න පුලුවන්ද? token එක මැකුනත් කමක් නෑ refresh වෙලා page එකට අවාම httpOnly coockie එකේ තියෙන refresh token එක පාවිච්චි කරලා token එකක් ගන්න පුලුවන්නෙ එහෙම ඒක තියෙනව නම්.


  • Linux Help

    machan cookie type http-only; secure da thiyenne ???


  • Web Development

    @root Secure enable කරන්න පුලුවන් https වලදී නේද. දැනට false තියෙන්නෙ.


  • Web Development

    හොයාගත්තා අව්ල. මගේ httpOnly coockie එක එන්නේ NodeJs login API එක කතා කරද්දි නිසා coockie එක තියෙන්නෙ එන http response එකේ විතරයි. ඒක බ්‍රොව්සර් coockies වලට save වෙන්නේ නෑ. browser coockie වලට save වෙන්න නම් saverside render වෙන ගමන් coockie එක සෙට් වෙන්න ඕනේ. මේ ප්‍රොජෙක්ට් එකේ නම් මට direct nodejs app එකට login API එක කතා කරන්නේ නැතුව laravel එක හරහා curl වලින් කතා කරලා response එක දෙද්දි httpOnly coockie එක සෙට් කරන්න වෙනවා. නැත්තන් NuxtJs වගේ එකක් හරහා Server Side Render කරන්න වෙනවා .


  • Linux Help

    @Harsha-Sampath

    ahh okay.